• Breaking News

    ක්‍රිකට් පසුබෑම ගැන හොයන්න කමිටුවක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලබන පරාජයන්ට හේතුව සොයා බැලීම සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපති ලෙස පත්කර ඇත්තේ ක්‍රීඩා සභාවේ සභාපති ලෙස කටයුතු කරන මිල්ටන් අමරසිංහ මහතාවයි. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර් ය රංජිත් බණ්ඩාර / ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර / ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වනවා. ක්‍රිකට් නව මගකට යොමු කිරීම සදහා වැඩමුළුවක්ද පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ක්‍රිකට් ආයතනය කිසියම් නොකළ යුතු දෙයක් සිදුකර ඇත්දැයි මෙහිදී සොයා බලන බවත් අමාත්‍යවරයා කිසා සිටියා. අමාත්‍ය අර් ජුන රණතුංග සිදු කරන ප්‍රකාශ පිලිබද එතරම් තැකිය යුතු නැතැයිද අමාත්‍යවරයා කියා සිටියා. හිටපු ක්‍රිකට් සභාපතිවරුන් / තේරීම් කමිටු නිලධාරීන් / හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් / පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් සහ මාධ්‍යවේදීන්ට ද මෙම වැඩමුළුවට එක්ව මෙරට ක්‍රිකට් නව දිශාවකට යොමුකිරීමට යෝජනා ඉදිරි පත් කළ හැකි බවත් එහිදී ප්‍රකාශ වුණා.  

    No comments