ක්‍රිකට් ගැන බොරු පතුරවන්නන්ට එරහිව නීතිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරහිව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන මාධ්‍යවේදීන් කියා ගන්නා පිරිකට එරහිව නීතිමය පියවර ගැනීමට තීරණය වී ඇතැයි වාර්ථා වනවා. මේ වන විට සංචාරක ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව පරජයටයි පත්ව ඇත්තේ. මෙම පරජයන් පිටුපස ඔට්ටු තැබීමේ ව්‍යාපාර සම්බන්ධ බවටත් ඇතමුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. කිසිදු සාක්ෂියක් නැතිව කරනු ලබන මෙම අසත්‍ය චොදනාවන්වලින් අපකීර්තියට පත්වන්නේ ක්‍රිකට් ආයතනයයි. ඒ පිලිබද අවධානය යොමු කර පොලීසියට පැමිණිලි කිරීමටයි ක්‍රිකට් ආයතනයේ සේවකයින් යෝජනා කර ඇත්තේ. සභාපති තිලංග සුමතිපාල මහතා ඒ අනුව ඉදිරියේදී මෙම අසත්‍ය තොරතුරු පතුරවන පිරිසට එරහිව නීතීය ක්‍රියාත්මක කරනු ඇති.
No comments