ක්රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට හේතුව
ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම සහ උපුල් තරංගට තරග තහනමක් පැනවීමත් සමග දිනේෂ් චන්දිමාල්ව සහ ලහිරු තිරිමාන්නව කණ්ඩායමට ආදේශ කිරීමට තේරීම් කමිටුව කටයුතු කළා. ඉන්දියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී සාර්ථක වූයේ පිතිකරුවෙක් ලෙස තිරිමාන්න පමණයි. ශ්රී ලංකා ඉනිමේ වාර්ථා වූ එකම හයේ පහරද සමගින් ලකුණු 80 ක් ලබා ගත්තා. ඒ පන්දු 105 කට මුහුණ දෙමිනුයි. තිරිමාන්න තරගාවලියට මීට පෙර ඇතුලත් නොවීම පිලිබද තේරීම් කමිටුවට ඇගිල්ල දිගු වුණා. ඒත් සමගින් තේරීම් පිලිබද සමාජයේ කථිකාවක් ඇතිවීම රහසක් නොවේ. එය තේරීම් කමිටුවට ඉල්ලා අස්වීමට ප්රධානම හේතුව වූ බවයි විචාරක මතය.
No comments