• Breaking News

    ජාතික තේරීම් කමිටු 9 කට සාමාජිකයින් පත්වේ

     මෙරට ජාතික ක්‍රීඩා කණ්ඩායම් 9කට අදාළ නව තේරීම් කමිටුවල සමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය නීතීඥ්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වු ක්‍රීඩා අමාත්‍ය නීතීඥ්‍ය දයාසිරි ජයසේකර මහතා.

    "අද දින පත්වීම් ලබන ඔබතුමන්ලා අතේ විශාල වගකීමක් තියෙනවා.මෙරට ක්‍රීඩාවේ අනාගතය  ඔබතුමන්ලා අතේ රැදී තිබෙන්නේ.නිවැරදි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම්වලට යොමු කිරීමත් ඒ තුලින් ජයග්‍රහණ අත්කරලීමත් ඔබතුමන්ලාගේ වගකීමක්.ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කිසිම අවස්ථාවක තේරීම් කමිටු කාර්යයන් සදහා මා මැදිහත් වන්නේ නැහැ. ඒ සදහා පූර්ව නිදහස මම ඔබතුමන්ලා වෙත ලබාදී තිබෙනවා.ඒ නිදහසෙන් ප්‍රයෝජන ගනිමින් නිවැරදි දක්ෂ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම්වලට ඇතුලත් කිරීම ඔබ තුමන්ලාගේ වගකීමක්.මේ සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
       ඇතැම් අවස්ථාවල කණ්ඩායම සදහා නොතේරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවගේ මව්පියන් පවා හඩාගෙන මං ලගට ඇවිත් කියනවා විවිධවු අසාධාරණකම් සිදුවුණා කියා. එවැනි අවස්ථාවල පවා මම කියන්නේ අසාධාරණයක් වුනා නම් මම ඒ ගැන සොයා බලන්නම්. නමුත් කණ්ඩායමට ඇතුල්වීමේ කාරණා තේරීම් කමිටුව හා සාකච්ඡා කර ගන්නා ලෙසයි.
        මෙවැනි අවස්ථාවල කටයුතු කිරීමට අභියාචන මණ්ඩලය ඉදිරියේදී අප ස්ථාපනය කරනවා.යම් කිසි අසාධාරණයක් සිදු වුවහොතින් එම අසාධාරණයට අවශ්‍ය විසදුම් අභියාචනා මණ්ඩලයෙන් ලබාගත හැකිවේවි.
    කිවයුතු තවත් කාරණයක් තමයි සියලුම ජාතික කණ්ඩායම්වල තේරීම් කමිටු සාමාජිකයින් ප්‍රාදේශීය හා පලාත් වශයෙන් පැවැත්වෙන තරග නැරඹීමේ ක්‍රමවේදයක් සකසා ගත යුතු බව.එසේ නැරඹීමෙන් තමයි ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායම්වලට ඇතුලත් කරගැනීමේ පලමු පියවර වන්නේ. ඒ වගේම කිවයුතුයි ක්‍රිකට් හැර අනෙක් ක්‍රීඩාවන්හී ජාතික කණ්ඩායම් තේරීම් කමිටු සාමාජිකයින් ඒ ඒ ජාතික ක්‍රීඩා උළෙලේ අදාල තරග නැරඹීම අනිවාර්ය කළ යුතුයි.ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තේරීමට මෙය හොද මූලික පියවරක් වනවා.
        ලබන වසරේ ජනවාරි පළවැනිදා සිට ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් සිදුකිරීමේදී ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීම අනිවාර්යයි.ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ බයෝ මිකැනිසම් තාක්ෂණය ආදියෙන් වැඩිදියුණුකර ශරීර යෝග්‍යතා පරීක්ෂණ සිදු කිරීම සදහා සියලු පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා."

    පත්වීම් ලද තේරීම් කමිටු සාමාජිකයන්

    01.                        ශ්‍රී ලංකා ක්‍රිකට්
    ·        ග්‍රැහැම් ලැබ්රෝයි මහතා                                          - සභාපති
    ·        ගාමිණි වික්‍රමසිංහ මහතා                                           - සාමාජික
    ·        ජෙරිල් වවුටරස් මහතා                                             - සාමාජික
    ·        අසංග ගුරුසිංහ මහතා                                              - සාමාජික
    ·        සජිත් ප්‍රනාන්දු මහතා                                               - සාමාජික


    02.                        ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය
    §  ආර්.විමලසේන පෙරේරා මහතා                            - සභාපති
    §  ඩී.දයාරත්න මහතා                                              - සාමාජික
    §  එන්.ජීවිමලදාස මහතා                                            - සාමාජික
    §  සී.සුමිත් දල්පතාදු මහතා                                                - සාමාජික
    §  මනෝජ් මල්ලවාරච්චි මහතා                                     - සාමාජික



    03.                        ශ්‍රී ලංකා බැඩ්මින්ටන්
    §  එම්.වයි.සීපෙරේරා මහතා                                        - සභාපති
    §  නිහාල් අමරසේන මහතා                                          - සාමාජික
    §  රංජනී සෙනෙවිරත්න මහත්මිය                                 - සාමාජික

    04.                        ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ
    §  දර්ශණ සම්පත් විජේසිංහ මහතා                                - සභාපති
    §  බී.ජී.ආර්ප්‍රනාන්දු මහතා                                          - සාමාජික
    §  කේ.බී.ජේ.ඩීබාලසූරිය මහතා                                  - සාමාජික
    §  ඉවෝන් නිලක්ෂ්මි ඩාලින් මිය                                   - සාමාජික
    §  සමන් ජයලත් වැන්ඩලන් මහතා                                - සාමාජික

    05.                        ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය
    §  සරත් විජේතුංග මහතා                                              - සභාපති
    §  එන්.ඩී.ගුණසේන මහතා                                           - සාමාජික
    §  ඊ.එම්.එල්.සීඒකනායකමහතා                                 - සාමාජික
    §  එම්.ඒ. රංජිත් ප්‍රේමරත්නමහතා                                 සාමාජික
    §  සී.ඩබ්.මහින්දරත්නමහතා                                        - සාමාජික

    06.                        ශ්‍රී ලංකා රුවල්ඔරු සංගමය
    §  රියර් අද්මිරාල් දමයන්ත ධර්මසිරිවර්ධන මහතා            - සභාපති
    §  අසිත තෙන්නකෝන්මහතා                                      - සාමාජික
    §  ප්‍රසන්න ලෙනදූව මහතා                                            - සාමාජික

    07.                         ශ්‍රී ලංකා කැනෝයින් සහ කායකින් සංගමය
    §  දනුන තිලකරත්න මහතා                                          - සභාපති
    §  ටී.එම්.නලීන් සංජීව පීරිස් මහතා                                 - සාමාජික
    §  ඩබ්.සීවිජේසිරි                                                       - සාමාජික

    08.                         ශ්‍රී ලංකා ජූඩෝ සංගමය
    §  සම්පත් පී වීරසිංහ මහතා                                           - සභාපති
    §  සීතා විජේවර්ධන මිය                                               - සාමාජික
    §  වී.කේ.ජී.සී.රාමනායකමහතා                                    - සාමාජික
    §  එච්.එම්.එච්.කුමාරි හේරත් මෙය                                 - සාමාජික
    §  ඩබ්.ඩබ්.ඩී.පී.ප්‍රනාන්දුමහතා                                      - සාමාජික

    09.                        ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය
    §  රොඩ්නි ඔකෙස් මහතා                                             - සභාපති
    §  එම්.එන්. මොහිදීන් මහතා                                        - සාමාජික
    §  ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්.සී. ද සිල්වා මහතා       - සාමාජික
    §  දුමින්ද ද සිල්වා මහතා                                              - සාමාජික
    §  සුනෙත් ප්‍රනාන්දු මහතා                                            - සාමාජික

    No comments