ඕල්ඩ් ඉස් ගෝල්ඩ් වෙයි ?
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව භාරගැනීමට දැන්ම පැමිණිය නොහැකි බව කුමාර් සංගක්කාර පවසා තිබෙනවා. ඔහු තනතුරට කැමති නමුත් ශ්‍රී ලංකාවට පැමිණිය හැක්කේ නොවැම්බර් මාසයේදී බවයි දැනුම් දී ඇත්තේ. මේ අනුව මාස 06 කට අතුරු කමිටුවක් තේරීම් කමිටුව ලෙස කටයුතු කරනු ඇති. ඒ සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සමග සාකච්ඡා කරමින් ඇති බවයි වාර්ථා වන්නේ. එලෙස පත්කිරීමට යොජිත ක්‍රීඩකයින් රැසක් වත්මන් ක්‍රිකට් පිලිබද දැනුමක් නැති ක්‍රීඩකයින්. ඔවුන් අනූව දශකයේ සිටි ක්‍රීඩකයින්. 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ක්‍රීඩකයින් කිසිවකු සමගින් මෙතෙක් සාකච්ජා කර නැතැයි සදහන්.
No comments