• Breaking News

    කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් අතරට

    ලේස රන් තරගාවලියේ දෙවන අධියර ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසක් පැමිණෙනු ඇතැයි ජාතික පංච ප්‍රයාම සංගමය බලාපොරොත්තු වනවා. ඔවුන් වයස් ඛාන්ඩ කිහිපයක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි. එමෙන්ම විවෘත සහ ප්‍රවීන තරගයක්ද එහිදී පැවැත්වෙනු ඇති.
    මෙවර තරගාවලියේ විශේෂත්වයක් වනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇදිය යුතු ඇදුම් සහ පැලදුම් පිලිබද දැනුවත් කිරීමේ කුටියක් ද තරග පැවැත්වෙන භූමියේ පැවැත්වෙනු ඇති. මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ විද්‍යාර්ථයින්ගේ සහභාගීත්වයෙනුයි එය පැවැත්වෙන්නේ. එවැන්නක් සංවිධාන වන්නේ මෙරට ඉතිහාසයේ පළමුවරටයි.

    පසුගිය තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් අතරට පැමිණ සිටිනවා. එය රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව සංචිත ගත කළහොත් ඉදිරියේදී පංචප්‍රයාම ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීම එතරම් අපහසු නොවනු ඇති.

    No comments