මාලිංග සමුගන්නා දවස
ඉන්දීය සංචාරයෙන් පසු ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් සමුගනු ඇතැයි වාර්ථා වනවා. ඔහු මෙම තරගාවලියේදී කඩුලු 300 සම්පූර්ණ කළ පසු සමුගනු ඇති බවටත් පුවත් නිර්මාණය වුණා. කෙසේ වෙතත් ඔහු සිය සමුගැනීම පිලිබද අදහස් දක්වමින් දින කිහිපයකට පෙර කියා සිටියේ 2023 දක්වා තමන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ වන විට 34 වන වියේ පසුවන මාලිංග පෙරේදා කියා සිටියේ ශාරීරික යෝග්‍යතාව පිලිබද අවධානය යොමුකර සමුගැනීමේ තීරණය මෙම ඉන්දීය සංචාරයෙන් පසුව ගන්නා බවයි. ඉන්දියාව සමග ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 තරගයේදී දක්ෂතා දක්වන ආකාරය මාලිංගගේ සමුගැනීම තීරණය කරනු ඇති. මේ වන විට ඔහු එක්දින කඩුලු 300 ක් සහ T20 කඩුලු 89 ක් ලබා ගෙන සිටිනවා. ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තද ක්‍රිකට් පිටියේ තවදුරටත් රැදී සිටිනු ඇති.
No comments