• Breaking News

    පැණිවරකා ගහට හෙණ ගහලා

    ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ගැන මේ දවස්වල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. 2009 අවුරුද්දේ සිට මේ දක්වා ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වුණේ නැහැ. 2013 වසරේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට දැනුම් දුන්නේ මාස 6 ක් තුළ නිලවරණය පැවැත්විය යුතු බවයි. එහෙත් විවිධ හේතු නිසා ඊට බාලගිරි දෝෂය උදාවී තිබුණා. කෙසේ වෙතත් ලබන දෙසැම්බරයේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමට නියමිත බව එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසන්නේ ඒ අනුවයි. කෙසේ වෙතත් 2012 වසරේ සිට ජාතික ඔලිම්පික් කමිටුව ගිණුම් විගණනය කර නැහැ. 
    මේ අතර නැවත නිලවරණයට ඉදිරිපත් නොවන බව සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ලේකම් ලෙස කටයුතු කරන මැක්ස්වෙල් ද සිල්වා මහතා යළි එම තනතුරට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළා. මේ වන විට බලයේ සිටින පාර්ශ්වය සමඟින් තරග වැදීමට ප්‍රතිවාදී අපේක්‍ෂකයින් පිරිසක් සූදානම් වනවා. ඊට අදාළ රහසිගත සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා ඇතැයි සඳහන්.
    ඒ අනුව සභාපති ධුරය සඳහා රොහාන් ප්‍රනාන්දු මහතා තරග වැදීමට ඉදිරිපත් වනු ඇති. 2013 වසරේදී පැවැත්වීමට නියමිත වූ නිලවරණයේ හේමසිරි මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් සභාපති අපේක්ෂක වූයේ ද ඔහුයි. ලේකම් ධුරයට ඩයන් ගෝමස් මහතායි අපේක්‍ෂකයා වනු ඇත්තේ. 

    No comments