• Breaking News

    අරවින්දට සහ සංගක්කාරට දුන්න වැඩේ

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීමේ වාර්තාව සම්බන්ධ කරුණු අධ්‍යනය කර දෙවසරක කාලසීමාවකට දිගු කාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාවට නැංවීම පිණිස කමිටුවක් පත්කර තිබෙනවා.

    එම කමිටුවේ සභාපතීත්වය හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසූරිය මහතා විසින් දරණ අතර එහි සෙසු සමාජිකයින් වන්නේ අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන්.

    මෙම කමිටුව සදහා හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාටද ආරාධනා කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.

    ඉදිරි තෙමස ඇතුලත මෙම ඉදිරිකාලීන වැඩසටහනේ සැලසුම් ඉදිරිපත් කෙරෙනු ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සියලු කටයුතු සදහා පහසුකම් සපයනු ඇත.

    No comments