ක්රිකට් නිලවරණයක් හදිසියේ
ශ්රී ලංකා ක්රිකට්
ආයතනය හදිසියේ නිලවරණයක් පැවැත්වීමට සූදානම් වන බව වාර්ථා වනවා. ක්රිකට් ආයතනයේ
විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ ලබන දෙසැම්බර් මාසයේදී එය පැවැත්වෙනු ඇති බවයි.
මේ පිලිබඳ ඉව වැටුනු පිරිසක් රහසිගතව නිලවරණයට සූදානම් වන බව සදහන්.
පසුගියදා ක්රිකට් ආයතයේ
උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත ධර්මදාස මහතා සහ නිෂාන්ත රණතුංග මහතා රහසිගත
හමුවක් පවත්වා ඇතැයි වාර්ථා වනවා. කොළඹ තරු හෝටලයක පැවැත්වූ මෙම හමුවට ශිබ්ලි
විල්කසින් / දංස්ටන් ගොලුහේවා / අජිත් කුරේ සහ සමන්ත දොඩංගොඩ ඇතුලු පිරිසක්ද එක්ව
ඇතැයි සදහන්. එහිදී උප සභාපති කේ මතිවානන් මහතාව තිලංග පාර්ශ්රවයෙන් ඉවත් කර ගත
යුතු බවත් සාක්ච්ජා කර ඇතැයි වාර්ථා වනවා.
No comments