හොරු සමග ක්‍රීඩා ඇමති හෙලුවෙන්
ජාතික කායවර්ධන සංගමයේ කිසිදු
ලියාපදිංචියක් නැති සංගමයකින් ආසියානු යැයි කියා ගන්නා තරගාවලියකට හොර පාරෙන් ගොස්
ජයගත් ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් ක්‍රීඩකයා
සමග ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිටින ඡායාරූපයක් මේ වන විට සමාජා මාධ්‍ය
ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා. ලූෂන් තහනම් උත්තේජක ලබා ගන්නා බව ප්‍රසිද්ධියේ
කියා සිටියා. ඒ හේතුවෙනුයි පරීක්ෂණයක් පවත්වන තුරු ඔහුට තාවකාලික තහනමක් පැනවූවේ.
ආසියානු තරගාවලියක් යැයි කියන මෙම
තරගාවලිය ජාත්‍යන්තර කායවර් ධන සංගමය වසර 4 ක තහනමක් පැනවූ පුද්ගලයකු
සංවිධාන කරන්නක්.ජාත්‍යන්තර සංගමයේ සභාපතිවරයකු ලෙසද කටයුතු කළ
මෙම පුද්ගලයා මුදල් වංචා කිරීම හේතුවෙන් සිංගප්පූරුවේ සිරගත ගතව ද සිටියා. මෙම තරගය සංවිධානය කළ සංගමය ජාත්‍යන්තර කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලියාපදිංචියක්ද ලබා නැහැ.
ඕනෑම ක්‍රීඩාවක ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක
ලබා ගැනීම නීති විරෝධී වනවා. තහනමකට යටත්ව
සිටින ක්‍රීඩකයකු වැරදි තරගාවලියකට ගොස් ජයලැබූවෙක් සමග ඇමතිවරයා
මෙලෙස හැසිරීම වැරදි පූර්වාදර්ශයක්. ඉදිරියේදී තහනම් උත්තේජක භාවිතා කර කිසියම්
ක්‍රීඩකයකු හසු වුවහොත් දඩුවම් ලබා දෙන්නේ කෙසේද? ක්‍රීඩා අමාත්‍යවරයාට ඇදුමක් ඇදන් තහනම් උත්තේජක ලබා නොගන්නා ලෙස ක්‍රීඩකයින්ට උපදෙස් දිය හැකිද ? මෙලෙස ක්‍රීඩාව පරිහානියට වැරදි
ආදර්ශ ලබාදෙන අමාත්‍යවරයාට එරහිව විශ්වාස භංගයක් ගෙන ආවේ නැත්නම් මෙරට ක්‍රීඩාව
පරිහානියට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇති.
No comments