• Breaking News

    බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට පදක්කම්

    ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හි පැවැත්වෙන ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත්ව සිටිනවා. 56 KG බරපන්තියෙන් තරග බිමට පිවිසි චතුරංග ලක්මාල් නව ශ්‍රී ලංකා වාර්ථාවක්ද සමගින් රිදී පදක්කම දිනා ගත්තා. ඔහු ස්නැච් ක්‍රමයට 117 KG ඔසවමිනුයි නව ශ්‍රී ලංකා වාර්ථාව තැබුවේ. 
    48 KG බර පන්තියෙන් තරග බිමට පිවිසි හංසානි ගෝමස් ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. තවත් ලෝකඩ පදක්කමක් 94 KG බර පන්තිය නියෝජනය කරන උපෙක සේනාධීර දිනා ගත්තා.
    තරගාවලියේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ ඉන්දික දිසානායක තරගය අතරතුර පාදයේ වලලුකර ආබාදයකට ලක්ව තිබෙනවා. ඒ ස්නැච් ක්‍රමයට 135 KG ලෙස නව ජාතික වාර්ථාවක් එසවීමට යාමේදීයි. කෙසේ වෙතත් ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.


    No comments