• Breaking News

    ලංකාවේ පාවාදීම් වූවාදැයි පරීක්ෂාකරන සෙට්එක

    ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පසුගිය කාලයේ විවිධ පුද්ගලයින් නොයෙක් කථා කිව්වා ඔබට මතක ඇති. මේ අනුව එම කථාවල ඇත්තක් නැත්තක් තිබේදැයි සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. එම පිරිස කොළඹ තරු පහේ හෝටලයක නැවතී පරීක්ෂණය සිදුකරන බවයි වාර්ථා වන්නේ. මෙම පරීක්ෂණ කණ්ඩායම
    සභාපති :- Sir.Ronnie Flanagan(හිටපු බ්‍රිතාන්‍ය විශ්‍රාමලත් උසස් පොලිස් නිලධාරියෙක්.) සාමාන්‍යාධිකාරී :- Alex Marshall(2008 වසරේ සිට හැම්ප්ශයර් ප්‍රාන්තයේ ප්‍රධාන පොලිස් කොස්තාපල් තනතුර හොබවා තිබේ.Cambridge විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබද ආචාර්ය උපාදියක් ලබාගෙන තිබේ.ඔහු බ්‍රිතාන්‍ය රාජකීය ආරක්ශක විද්‍යාලය තුළින්ද උසස් අධ්‍යාපනයක් ලබා තිබේ.ACU හි 4වන සාමාන්‍යාධිකාරීවරයායි.)
    ඔවුන් ඉදිරියට ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා දෙවරක් ගොස් තිබෙනවා. ඒ පරීක්ෂණ කණ්ඩායමට සහයවීම සදහායි. ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වලටත් ලක්ව ඇතැයි සදහන්. ඊට ඉදිරියේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සාක්ෂි ලබාදීමට යනු ඇති. මහජනතාවට පැමිණිලි හා සාක්ෂි ලබාදීමටත් ඉදිරියේදී වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි සදහන්. මේ අතර මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් වනු ඇතැයි වාර්ථා වනවා. එය මුදලට යට නොවනු ඇති.  



    No comments