• Breaking News

    NOC නිලවරණ ප්‍රෝඩාව

    ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන දෙසැම්බර් මස පැවැත්වීමට තීරණය කර ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුනේ 2013 වසරේදීයි. විවිධ හේතු නිසා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මෙතෙක් පැවැත්වුනේ නැහැ. කෙසේ වෙතත් මෙවන් පසුබිමක ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙවැන්නක් හිටිහැටියේ ප්‍රකාශ කිරීම පුදුම සහගතයි.
    මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත් නොවන බව සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කිහිප අවස්ථාවකදීම කියා තිබෙනවා. දිගු කලක් එහි සභාපති ලෙස කටයුතු කරන ඒ මහතා විවිධ ප්‍රශ්න හමුවේ පවා නොසැලී සිටියා.

    එහෙත් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට නිලවරණයට ඉදිරිපත්වීමට මෙවර කිසිදු ජාතික සංගමයක් නැහැ. එසේ තිබියදී නිලවරණය ප්‍රකාශ කිරීම පුදුම සහගතයි. එහි අරමුණ වී ඇත්තේ අතුරු කමිටු පාලනයක් ඇති සංගම් හරහා නීති මහින් නිලවරණයට එරහිව කටයුතු කිරීමයි. එවිට තවත් කලක් ලේකම් ලෙසම ඔහුට කටයුතු කළ හැකියි. මෙවර නිලවරණය ඔහු ප්‍රකාශ කරන්නේ එම යටි අරමුණ ඇතිව බවයි පැවසෙන්නේ. අතුරුකමිටු ඇති සංගම් වලට ඡන්ද බලය හිමිවන්නේ නැහැ.

    No comments