ලෝක ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 02 ක්
නවසීලන්තයේ හිටපු ක්‍රිකට් නායක
ඩැනියෙල් විටෝරි සියලු කාලයන්ගේ දක්ෂතා දැක්වූ නූතන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් යුත්
කණ්ඩායමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්
ඇතුලත්. මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ විරාත් කෝලි.
හිටපු නායකයකු තමන් නම් කරන ලෝක කණ්ඩායමේ නායකයා ලෙස කිසිම සම්භන්ධයක් නැති රටක ක්‍රීඩකයකු
නම් කිරීම විශේෂත්වයක්. එමෙන්ම නායකත්වය දැරූ ක්‍රීඩකයින් රැසක් සිටියදී තමන් නම්
කරන කණ්ඩායමේ නායකත්වය කෝලිට ලබාදීමත් කැපී පෙනෙනවා.
රිකී පොන්ටින් / රාහුල්
ඩ්‍රාවිඩ් / නායක විරාත් කෝලි / ඒ බී ඩිවිලියස් / සචින් ටෙන්ඩුල්කාර් / කුමාර්
සංගක්කාර / ඇඩම් ගිල්ක්‍රිස්ට් / ෂේන් වෝන් / මුත්තයියා මුරලිදරන් / ග්ලෙන් මැක්ග්‍රාත්
සහ සර් රිචඩ් හැඩ්ලී මෙම කණ්ඩායමට ඇතුලත්.
Ricky Ponting, Rahul Dravid, Virat Kohli (c), AB de Villiers, Sachin Tendulkar, Kumar
Sangakkara, Adam Gilchrist, Shane Warne, Muttiah Muralitharan, Glenn McGrath,
Sir Richard Hadlee.
No comments