නව සංගම් 07 කට NOC ඡන්ද බලය ?
ජාතික
ඔලිම්පික් කමිටුවේ මහසභා රැස්වීමක් ලබන මස 09 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහිදී
නව සංගම් 07 කට පූර්ණ සාමාජිකත්වය ලබා දීමට යෝජනාවක් කෙරෙනු ඇති. මේ වන විට ජාතික
ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජික සංගම් ඇත්තේ 24 ක් පමණයි. කෙසේ වෙතත් පූර්ණ
සාමාජිකත්වය ලබාදීමට යෝජනා කිරීමට නියමිත ඇතැම් සංගම් ඒවා එතරම් ප්‍රසිද්ධ ඒවා
නොවේ.
ජාතික
ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසන පරිදි එම සංගම් සදහා පූර්ණ
සාමාජිකත්වය හිමිවන්නේද යන්න තීරණය වන්නේ මහසභා රැස්වීමේදීයි. රග්බි / කරාතේ / කඩු
හරඹ / බේස් බෝල් / තුන් ප්‍රයාම / නූතන පංචප්‍රයාම සහ රෝද සපත්තු යන ක්‍රීඩාවන්ගේ
ජාතික සංගම් සදහා එලෙස පූර්ණ සාමාජිකත්වය ලබාදීමට නියමිත ඒවායි. මෙය මැක්ස්වෙල් ද
සිල්වාගේ ගැටයක් බවයි බොහෝදෙනාගේ මතය වී ඇත්තේ. ජාතික ඔලිම්පික් කමිටුවේ
නිලවරණය දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත බව කීවේත් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතායි.
නිලවරණ ගුංඩුවක් ලෙස මෙය හැදින්වීමේ හැකියාවක් තිබෙනවා. ඒ දැනට ක්‍රියාත්මක සංගම්
බහුතරයක් ජාතික ඔලිම්පික් කමිටු වත්මන්
පාලනයට විරුද්ධ බව ලිඛිතවම දැනුම්දී තිබීම හේතුවෙනුයි. සංගමයකට පූර්ණ සාමාජිකත්වය හිමිවූ විටයි ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයකදී ඡන්දය ලබාදීමට හැක්කේ.
අප්පා දනනෙ වත් ේම්වා
ReplyDeleteඅයියෝ සල්ලි
ReplyDelete