• Breaking News

    2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ සත්කාරකත්වය බර්මින්හැම් නගරයට ?

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමයේ (CGF) විධායක මණ්ඩල රැස්වීම මේ දිනවල කොළඹදී පැවැත්වෙනවා. මෙම රැස්වීමට සත්කාරකත්වය ලබාදීමේ වරප්‍රසාදය අත්පත් කර ගැනීමට ලංකාව වාසනාවන්තවූ බව ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමය (CGA) නිවේදනය කරනවා. අප්‍රිකානු, ඇමරිකා, යුරෝපීය, කැරිබියන් සහ කැනඩාව මෙන්ම ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව නියෝජනය කරමින් විධායක කමිටු සාමාජිකයින් 18 දෙනෙකු ඊට එක්ව සිටිනවා. සාමාජිකයින් මෙසේයි.
    Mrs. Louise Livingstone MARTIN, President, CGF

    Miss Rhona Isabel SIMPSON , Athletes Representative
    Ms. Cathelina Fortuna BELROSE, Regional Vice-President, Caribbean
    Mr. Darren Glenn Edward HALL, Director of Corporate Services
    Mr. Salvatore COFFA, President, CGAus
    Ms. Kereyn Smith, Vice-President (New Zealand)
    Dr. Jegathesan MANIKAVASAGAM, Medical Advisor
    Mr. Mark Anthony PETERS, CEO, GOLDOC
    Mr. Peter Douglas BEATTIE, Chairman, GOLDOC
    Mr. David ZOLKWER, Gold Coast 2018 Commonwealth Games Opening and Closing Ceremonies Project and Artistic Director
    Mr. Christopher John JENKINS, Regional Vice-President, Europe
    Ms. Sandra Kathleen OSBORNE-BURGESS, Legal Advisor
    Mr. David Carroll GREVEMBERG, Chief Executive Officer
    Mr. Kalam Azad JUMAN-YASSIN, Regional Vice-President, Americas
    Mr. Bruce Richard Robertson, Vice-President (Canada)
    Ms. Miriam Zimba MOYo, Regional Vice-President, Africa
    Mr. Hugh Richard GRAHAM, Regional Vice-President, Oceania

    CGF හි සභාපති ලුයිස් මාර්ටින් සහCGA ශ්‍රී ලංකා සමාගමේ සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මෙම රැස්වීමේදී ආසියානු කලාපය, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීම හා 2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්ධ කරුණු
    සාකච්ජා කරන බවයි ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයකු පැවසුවේ. 2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ සත්කාරකත්වය බර්මින්හැම් නගරයට ලබාදෙන්නේදැයි මෙහිදී තීරණය වනු ඇතැයිද ඔහු පැවසුවා.

    
    

    No comments