ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්ට ?
මෙහි මීටර 100 කාන්තා ඉසව්වේදී රුමේෂිකා රත්නායක මූලික තරගවලට සහභාගි නොවී අවසන් මහ තරගයට සහභාගි වීය. දකුණු ආසියානු රන් පදක්කම්ලාභිනී රුමේෂිකා එහිදී නවවැනි මංතීරුවේ තරග කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. 2020 ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ජපානයේ වසිඩා විශ්ව විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට ගොස් සිටි ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන විට මීටර 100 ඉසව්වේ මූලික තරග අවසන් වී තිබුණි.
ක‍්‍රීඩා අමාත්‍යංශය පසුගිය සඳුදා නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ ඇය තරගයට සහභාගි කරවන ලෙස සබරගමුව පළාත් ක‍්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව විශේෂ කමිටුවක අනුමැතිය මත ඇයට තරගයට සහභාගි වීමට අවස්ථාව ලබාදුන් බවයි.
එම නිවේදනය වැඩිදුරටත් සඳහන් වන්නේ රුමේෂිකා ජාතික ක‍්‍රීඩා උළෙලේ පළමු දිනය වූ පසුගිය 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අතපසුවීමකින් පැමිණීම ප‍්‍රමාද වූ බවයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා වර්ජනය කළ නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණයක් පවත්වන්නේ නම් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිවද පරීක්‍ෂණයක් කළ යුතුයි.
එමෙන්ම ක්‍රීඩා උළෙලේ ක‍්‍රීඩා පහන වෙනුවෙන් රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වැය කළද ප‍්‍රයෝජනයක් නොමැති වීමද ක‍්‍රීඩා නිලධාරීන්ගේ විරෝධතාවට හේතුවක් වුණා. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද එහි අභ්‍යන්තර ගැටලුවක් මුල්කර ගනිමින් සමාප්ති උළෙලේ ආචාර පෙළපාළියට සහභාගි වුනේ නැහැ. මෙම ක‍්‍රීඩා උළෙල මාතර පැවැත්වීමට මූලිකව කටයුතු කළ දකුණු පළාත් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත්කිරීමට විරෝධය දක්වමින් දකුණු පළාත් කණ්ඩායම සමාරම්භක සහ සමාප්ති උළෙල වර්ජනය කළා.
මෙම සියළු කරණු මුලුකරගෙන ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාව ඉවත් කිරීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර ඇතැයි වාර්ථා වනවා. එය හෙට හෝ අනිද්දා සිදු වනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ.
ජාතික බැඩ්මින්ටන් සංගමයේ අක්‍රමිකතා රැසකටද ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සම්බන්ධ බවට පසුගියදා සාක්ෂි සහිතව හෙලිදරව් වුණා.
No comments