පාකිස්ථානය සමග පැවති
දෙවන ටෙස්ට් තරගයත් ලකණු 86 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. මේ අනුව
තරගාවලිය තරග 02 ට 00 ක් ලෙස ජයගත්තේද ශ්‍රී ලංකාවයි. වැලිකතරේදී පාකිස්ථානය පූර්ණ ටෙස්ට් තරගාවලියක් පරාජය වූ පළමු
අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වුනේ. එමෙන්ම දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ශ්‍රී
ලංකාව ජයගත් පළමු අවස්ථාව ලෙසයි මෙය වාර්ථා අතරට එක්ව ඇත්තේ. තරගයේ මෙන්ම
තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේද දිමුත් කරුණාරත්නයි.
කෙසේ වෙතත් මෙම තරගයේදී
ශ්‍රී ලංකාව දෙවන ඉනිමට සියළුදෙනා දැවී යද්දී සම හරක් කිව්වේ ශ්‍රී ලංකාව දෙවන
ඉනිම ක්‍රීඩා කිරීමට ගත් තීරණය වැරදි බවයි. එමෙන්ම ඔවුන් ජයගනු ඇතැයිද පැවසුවා. දෙරට
අතර එක්දින තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත වනවා.
No comments:
Post a Comment