Wednesday, October 11, 2017

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ගල් ප්‍රහාරයක්

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමග පැවති දෙවන පන්දුවාර 20 යි 20 තරගයෙක් පසුව යලිත් සිය නවාතැනට යාමේදී ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ගුහාතිහිදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සදහන්. ඉන් කිසිදු ක්‍රීඩකයකුට හානියක් සිදුව නැහැ. එහෙත් ක්‍රීඩකයින් දැඩි කම්පනයට පත්ව සිටින බවයි ඔස්ට්‍රේලියා පිතිකරු ආරොන් ෆින්ච් පවසන්නේ. ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු ඒ ගැන කියා ඇත්තේ. ලබන සිකුරාදායි දෙරට අතර මීලග තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ. මේ වන විට කණ්ඩායම් 02 ම එක් තරගය බැගින් ජයගෙන තිබීම හේතුවෙන් මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට සති 05 ක් ඇතුලත එල්ලවූ දෙවන ප්‍රහාරය මෙයයි.

No comments:

Post a Comment