මෛත්‍රී පන්දම අතට ගනී
2018 වර්ෂයේ අප්‍රේල්
මස 04 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හීදී 21වැනි පොදු රාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි. එම ක්‍රීඩා
උළෙලට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධාන කමිටුව සම්ප්‍රදායක් ලෙස
පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් අතර ක්‍රීඩා උළෙල පිළිබදව ප්‍රජාවගේ අවධානය
යොමු කිරීම සදහා බ්‍රිතාන්‍ය මහ රැජින නමින් නම් කරන ලද බැටනයක් රැගෙන යයි.
අදාළ බැටනය රැගත් පොදු
රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට අද දින (12) පැමිණියා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර
මහතාගේ ප්‍රදානත්වයෙන් බැටනය
භාරගනු ලැබුවා. අනතුරුව ජනාධිපතිතුමා වෙත සන්ධ්‍යාභාගයේදී
අදාල බැටනය නිළ වශයෙන් භාරදුන්නා. මෙරට රාජ්‍ය නායකයෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය ගිණි
සිළුව පිළිගත් පළමු අවස්ථාව මෙය වනවා.
No comments