• Breaking News

    ජයන්ත කුණුකූඩේ - අරවින්දට බාලගිරි දෝසේ

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස අරවින්ද ද සිල්වා මහතාව පත්කරන අප කිව්වා ඔබට මතක ඇති. එහෙත් එය මෙතෙක් සිදුවූයේ නැහැ. ඊට හේතුවී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුව ක්‍රිකට් ගොඩනැංවීම සදහා වන කමිටු සාමාජිකයකු ලෙස පත්කිරීමයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියේ අමාත්‍යවරයා පත්කළ කමිටුව වාර්ථාවක් සකස්කිරීමෙන් පසු එය ක්‍රීඩා අමාත්‍යවරයාට ලබාදීමට කටයුතු කරනු ඇති බවයි. එම වාර්ථාව පිටවීමෙන් පසු එහි කරුණු ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස අරවින්ද ද සිල්වා මහතාව පත්කරනු ඇති. ඒ ලබන ජනවාරියේයි. 

    ඔහු පත්වීමට නියමිව ඇත්තේ ජයන්ත ධර්මදාස මහතා ඉල්ලා අස්වූ උප සභාපතිධූරයටයි. ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියේ ජයන්ත ධර්මදාස මහතා පණිවිඩ පිට පණිවිඩ එවමින් පවසන්නේ නැවත එම තනතුරට පත්වීමට තමන් කැමති බවයි. එහෙත් සභාපති තිලංග සුමතිපාල මහතා ඔහුව යලිත් ක්‍රිකට් ආයතනයට වැද්දා ගැනීමට කැමැත්තක් නැහැ.

    No comments