පාපැදියට හුලං ගහයි
ජාතික පාපැදි සංගමයේ
වාර්ෂික මහ සභා රැස්වීමට පෙර පැවති ප්‍රශ්ණ හා ගැටළු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි
ජයසේකර මහතා සමග සාකච්ඡා කරනු ලැබුවා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.
එහිදී අමාත්‍යවරයා වෙත
ඉදිරිපත් කල ගැටලු නිරාකරණය කිරීමට මැදිහත් වෙමින් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේ
පැවැත්වීමට නිමිත පාපැදි සංගමයේ නිලවරණය නිවැරදි ආකාරයෙන් පවත්වන ලෙසයි. නිලවරණය
පැවැත්වීමට පිලිගත් නිරීක්ෂණ කමිටුවක් යෝජනා කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.
මෙම නිලවරණය සදහා අමාත්‍යවරයා
ලෙස තමන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන අතර බවත් එහිදී ප්‍රකාශ වුණා. තමාගේ පාලන
කාලය තුල කිසිදු ක්‍රීඩා සංගමයක් සදහා අතුරු පාලක කමිටු පත්කිරීමට සුදානම් නැති
බවත් එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
නිළවරණ කමිටුව සදහා යෝජිත
මහත්ම මහත්මීන්.
01. සභාපති
- ඇන්ටන් රාජා ගුණතිලක මහතා
02. නීතිඥ
සතිෂ් වර්ණකුලසූරිය මහතා
03. කේ.ජී.හේමපාල
මහතා
04. මනෝධර
මහතා
05. ක්‍රීඩා
අමාත්‍යාංශ නියෝජිත, සුභානි උඩවත්ත මහත්මිය
·
ඔක්තොම්බර් 23 වන දින
දවල් 12.00 දක්වා නාමයෝජනා බාර ගනියි
·
ඔක්තොම්බර් 24 වන දින සවස
2.00 වන තුරු විරෝධතා බාර ගැනීමට නියමිතයි
·
පිළිගත් නාම යෝජනා
ඔක්තොම්බර් 28 වන දින ක්‍රීඩා සංගම්, දිස්ත්‍රික්
ක්‍රීඩා සමාජ වෙත දැනුම් දීම.
ජාතික පාපැදි සංගමයේ
නිළවරණය නොවැම්බර් 12 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ ක්‍රීඩා විද්‍යා ආයතනයේ
ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
No comments