තිලංග මාධ්‍යවේදීන් පිරිසකට ගහලා
පාකිස්ථානය පරාජයට පත්කරමින් තියුණු ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්ව ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 419 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස පාකිස්ථානය පළමු ඉනිමට ලකුණු 422 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව දෙවන ඉනිමට ලබා ගත්තේ ලකුණු 138 ක් පමණයි. මේ අනුව ශ්‍රී ලංකාව මෙම තරගයේදීත් පරාජයට පත්වනු ඇති බවයි බොහෝ විචාරකයින් පැවසුවේ. එහෙත් තණතීරුවේ වාසිය උපරිමයෙන් ලබා ගනිමින් පාකිස්ථාන දෙවන ඉනිම ලකුණු 114 කට සීමා වුණා.
ඒ අනුව පළමු ටෙස්ට් තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. මෙම තරගයේ පාකිස්ථාන දෙවන ඉනිමේදී පන්දු යවන්නන් මෙහෙයවීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් දැක්වූ දක්ෂතාව බෙහෝ විචාරකයින්ගේ ප්‍රසාදයට හේතුවී තිබෙනවා.
ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වෙද්දී මෙරට ඇතමුන් විවිධ කථා කිව්වා ඔබට මතක ඇති. සභාපති තිලංග සුමතිපාල මහතා එම තනතුරෙන් ඉවත්වන තුරු මෙරට ක්‍රිකට් ගොඩ නැංවිය නොහැකි බවයි ඔවුන් පැවසුවේ. ඒ අතර මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ද සිටියා. මෙම ජයග්‍රහණය ඔවුන් සියළුදෙනාගේම මත බොරු බවට පත්කර තිබෙනවා. පවු ඒ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්. කෙසේ වෙතත් අප දිගින් දිගටම කිව්වේ පරාජයන් සහ පසුබැසීම තාවකාලික බවයි. එවිට ඇතැම් මාධ්‍යවේදීන් කිව්වේ අප මුදල් වලට අසූවී ඇති බවට සහ පාලකයින්ගේ පැත්ත ගෙන ඇති බව නොවේද? සාක්ෂි නොමැතිව අපට බොරු කීමෙන් වැලකීම පමණයි අප කළේ.