ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයෙන් ලිපියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ
සංගමයෙන් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබෙනවා. ඔවුන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් යැවීමට පෙර පාකිස්තායේ ආරක්ෂාව පිලිබඳ ස්වාධීන වාර්ථාවක්
ලබාගන්නා ලෙසයි. එම තක්සේරුවෙන් පසු කණ්ඩායම සහභාගී කරවීමේ තීරණය ලබා ගත යුතු බවයි
එම ලිපියෙන් පවසා ඇත්තේ.
2009 වසරේදී ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායමට ලාහෝරයේදීම ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් පසු මෙතෙක් කිසිදු ක්‍රිකට්
කණ්ඩායමක් එරට ක්‍රිකට් සංචාරයන්ට එක්වුනේ නැහැ. මෙම තත්වය නිමා කරමිනුයි ලබන 29
වැනිදා පන්දුවාර 20 යි 20 තරගයක් සදහා ලාහෝරයේදී එක්වීමට ශ්‍රී ලංකාව තීරණය කර
ඇත්තේ. ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආරක්ෂක වාර්ථාවත් සලකා බලා ඇති බවයි
මෙරට ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී පැවසුනේ. කෙසේ වෙතත් මෙම තීරණය පිලිබද යලි
සලකා බලන ලෙසයි ක්‍රීඩකයින් ඉල්ලා සිටියේ. මෙම තරගයට එක්වීම ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයින්ට
පන්දුවාර 20 යි 20 තරගාවලියම අහිමි වන බවයි තේරීම් කමිටුව පවසා ඇත්තේ.
No comments