• Breaking News

    උපුල් තරංග පාවාදීලා ?

    පාකිස්ථානය සමගින් පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වුණා. මෙම තරගයේදී පරාජයට පාරකැපුවේ ශ්‍රී ලංකා නායක උපුල් තරංගයි. කාසියේ වාසිය දිනා ඔහු පළමුව පන්දු රැකීමට තීරණය කළා. එය මෙම පරාජයට හේතු වූ බවයි විචාරකයින් පවසන්නේ. පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය ලකුණු 292 ක් ලබා ගත්තා. එහිදී ලහිරු ගමගේ මංගල කඩුල්ල දවා ගත්තා. ඔහු ක්‍රීඩා කළ මංගල එක්දින තරගයද මෙයයි. කෙසේ වෙතත් ඔහු සංචිතයට ඇතුලත් වූ ක්‍රීඩකයෙක් වූයේ නැහැ. ඔහු සිටියේ අතිරේක ක්‍රීඩකයින් අතරේයි. ක්‍රිකට් ආයතනය මෙම තරගයේ සංචිතයට ලහිරු ඇතුලත් වූ බව නිවේදනය නොකිරීම විශේෂත්වයක්.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 08 දැවී ලබාගත්තේ ලකුණු 209 ක් පමණයි. එහිදී අකිල ධනංජය මංගල අර්ධ ශතකය වාර්ථා කිරීම කැපී පෙනෙනවා. සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ඔහු නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීම සියල්ලන්ගේ අවධානය දිනා ගත් කරුණක්. ලකුණු 83 ක ජයක් පාකිස්ථානය ලබා ගත්තා.

    දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. එම තරග දෙකේ පළමුව පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකාවයි. එසේ තිබියදී එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථානයට ලබා දුන්නේ මෙම තරගයේ පරාජයේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවට තිබු නිසා බවයි විචාරක මතය.

    No comments