සිරාලාගේ ගේම
ජාතක ඔලිම්පික් කමිටුව
ඉදිරි නිලවරණය සදහා රහසිගත රැස්වීම් පවත්වමින් යනවා. වසර 25 ක් ජාතික ඔලිම්පික්
කමිටු සභාපති ලෙස නිතරඟයෙන් පත්වෙමින් ආ හේමසිරි ප්‍රනාන්දු මහතා යලිත් නිලවරණයකට
ඉදිරිපත් නොවන බවයි පවසන්නේ. මෙවරත් නිලවරණයක් පැවැත්වීමට ඔහුගේ කිසිදු අදහසක් නැහැ. එසේනම්
නිලවරණයට දින ප්‍රකාශ කර ඇත්තේ ? ඒ අද පවතින තත්වය ඇතිවීමට පෙරයි. මේ අනුව ඔවුන්ගේ
දැන් උපක්‍රමය වන්නේ නිලවරණය යලිත් කල් දැමීමයි. ඒ බහුතරය වත්මන් පරිපාලනය සමග නොවීම හේතුවෙන්.
2009 වසරින් පසු ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයක් පවත්වා නැහැ.
2013 නිලවරණය පැවැත්වීමට සූදානම් වුවත් දේශපාලන අතපෙවීම් හා බලපෑම් මතුකරමින් එය
මෙතෙක් පැවැත්වූයේ නැහැ. එදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවත් ඊට අනුමැතිය ලබා
දුන්නා. එහෙත් මෙවර යලි නිලවරණයක් පවත්වන්නැයි දැනුම් දී ඇත්තේ ජාත්‍යන්තර ඔලිම්පික්
කමිටුවයි.
නිලවරණය නොපැත්වීමට මෙවර ජාත්‍යන්තර සහයක් නැතිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර
මහතාව සිය සාක්කුවට දමා ගැනීමටයි NOC සභාපතිවරයා කටයුතු කර ඇත්තේ. පසුගියදා සති අන්ත
පුවත්පතකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ ගිණුම් නොමැතිව NOC නිලවරණය
පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බවයි. 2013 වසරේ සිට මේ දක්වා NOC ගිණුම් විගණනය කර නැහැ.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඊට හේතුවී ඇති බවයි ජාතික ඔලිම්පික්
කමිටු ලේකම් පවසන්නේ. ඔහුට ගිණුම් මතක් වී ඇත්තේ හිටි හැටියේ වීමයි පුදුමයට කරුණ. අප
සිතන්නේ ජාතික ඔලිම්පික් කමිටුව නින්දෙන් නැගිට ඇත්තේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
රතු නිවේදනය නිකුත් කළ පසුවයි. මෙවර නිලවරණය පැවැත්වූයේ නැත්නම් ශ්‍රී ලංකාව සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති.
No comments