බැඩ්මින්ටන් නිලවරණයට කරන්න යන දේ
නිලවරණ නොපැවැත්වීම
නිසා මේ වන විට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය විසින් තහනමට ලක්කර ඇති ශ්‍රී ලංකා
බැඩ්මින්ටන් සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍ය
දයාසිරි ජයසේකර මහතා සහ බැඩ්මින්ටන් සංගම් නියෝජිතයින් අතර අද (25) ක්‍රීඩා
අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙහිදී අර්බුධයට හේතුවූ නිලවරණය නොපැවැත්වීම පිළිබද
සකාච්ඡාවට ලක්වූ අතර ඒ සදහා බලපෑ මේ වන විට අධිකරණයේ විභාගවන නඩුවට සම්බන්ධ
පාර්ශ්වද සමථයක් සදහා පොදු එකගතාවක් වෙනුවෙන් අදහස් දක්වන ලදි. ඒ අනුව සියලු සංගම්
කැදවා අදාළ නිලවරණය එලඹෙන ජාතික ඔලිම්පික් කමිටු මූස්ථානයේ පැවැත්වීමට එකඟතාවයට
පැමිණුනි.
නිලවරණය පැවැත්වීම සඳහ
ස්වාධීන නිලවරණ කමිටුවක් පත් කෙරෙන අතර පෙරකී නඩුවට සම්බන්ධ දෙපර්ශ්වයටම නීතිඥයින්
දෙදෙනකු එම කමිටුව සදහා පත්කිරීමට අවස්ථාව ලැබුණා. මෙම නිලවරණය පැවැත්වීම ජාතික
ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරුනු ඇත.
No comments