• Breaking News

    මහේලගේ අවසන් උත්සාහය

    වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් පැවති වැඩමුළුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත ලබාදුන්නා. මෙම වාර්තාව සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන්  දෙවසරක කාලසීමාවකට දිගු කාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාවට නැංවීම පිණිස කමිටුවක් පත්කරනු ලැබුවා.
    එම කමිටුවේ සභාපතීත්වය හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසූරිය මහතා දරණ අතර එහි සෙසු සමාජිකයින් වන්නේ අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන්.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීම සදහා පැවති වැඩමුළුවේ වාර්තා පිළිබද සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල කියා සිටියේ තමන් මීට පෙරද ක්‍රිකට් නැංවීම සදහා යෝජනා ඉදිරිපත් කළ බවයි. එහෙත් එම වාර්ථාවෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබා නොගත් බවත් ඔහු පැවසුවා. මෙවර යලිත් එයම සිදු වුවහොත් යලිත් කිසිදා මෙරට ක්‍රිකට් ගොඩනැංවීමට කිසිවක් නොකරන බවත් ඔහු කියා සිටියා. මෙය අවසන් උත්සාහය බවයි මහේල වැඩිදුරටත් කියා සිටියේ. මෙවැනි කමිටුවලට යලිත් නොඑන බවත් ඔහු පැවසුවා.