හෂාන්ට පින පෑදේ ?
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත්කරනු ඇතැයි වාර්ථා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු කියා සිටියේ අද සවස මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස් මහතා මෙම තරගාවලියට එක් නොවන
බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් පවසා නැහැ. ඔවුන් බොහෝ නිවේදන නිකුත් කරන්නේ
මෙරට මාධ්‍ය වාර්ථා කර බොහෝ වේලාවකට පසුවයි. සදීර සමරවික්‍රම එක්දින සංචිතයට
එක්වූ බව ඔහු ක්‍රීඩා කරන තුරු ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය දැන සිටියේ නැහැ.
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට්
තරගාවලියෙන් පසු ග්‍රැහැම් ෆෝඩ් මහතා ඉල්ලා අස්වූ පසුවයි පන්දු රැකීමේ පුහුණුකරු
ලෙස කටයුතු කළ නික් පෝතාස් මහතා මෙරට අන්තර්වාර පුහුණුකරු ලෙස පත්කළේ. එතැන් සිට
ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ බොහෝ තරග පරාජය වුණා. මේ වන විට පිට පිටම එක්දින තරග 11 ක
පරාජයේ පහස ශ්‍රී ලංකාව විද ඇත්තේ 1988 වසරින් පසු දැක්වූ දුර්ලෙම ක්‍රීඩා විලාශය
විදහා පාමිනුයි.
ශ්‍රී ලංකාව සහ
පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 තරගාවලියට තරඟ 03 ක් ඇතුලත්.
එහි තරග 02 ක් ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අතර එක් තරඟයක් ලාහෝරයේදීයි පැවැත්වීමට
නියමිතව ඇත්තේ.
පාකිස්ථානයේ ලාහෝර් හි සංචාරය කිරීම ප්‍රතික්ෂේප කර ඇති පුහුණුකරුවන් අතර නික් පෝතාස් පමණක් නොව ශාරීරික
අභ්‍යසකරු නික් ලී( Nic Lee ) / භෞතචිකිත්සක නිර්මලන් තානබාලසිංහම් (Nirmalan Thanabalasingham ) ද වනවා. ඔවුන්ගේ
පුරප්පාඩු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුරවන්නේ කෙසේද ?
No comments