තිසර නායකත්වයට - අපේ අනාවැකිය සනාථයි
පාකිස්ථානය සමඟින්
පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගාවලිය සදහා තිසර පෙරේරාගේ
නායකත්වයෙන් ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්රීඩකයින් 16 ක් ඇතුලත්. මෙම
සංචිතයට පාකිස්ථානයේ ලාහෝර් නුවර සංචාරය ප්රතික්ෂේප කළ කිසිදු ක්රීඩකයකු ඇතුලත්
වන්නේ නැහැ. පසුගිය 17 වැනිදායි අප ඔබට කිව්වේ පාකිස්ථානය සමඟින් පැවැත්වීමට
නියමිත පන්දුවාර 20 යි 20 තරගාවලියට තිසර පෙරේරාගේ නායකත්වයෙන් ශ්රී ලංකා සංචිතය
නම්කිරීමට තීරණය කර ඇති බවයි. එදින ඔහු සමගින් ක්රීඩා කිරීමට පාකිස්ථානයට යන සංචිතය
පිලිබදවත් අප කිව්වා. ශ්රී ලංකා ක්රිකට් ආයතනය නම් කළ සංචිතයේ සිටින ක්රීඩකයින්
බහුතරයක් අප නම් කළ සංචිතයේද සිටිනවා. අපගේ සංචිතයේ සිටි ඇතැම් ක්රීඩකයින් වෙනුවට
වෙනත් ක්රීඩකයින් ඇතුලත්වීමට හේතුවී ඇත්තේ තවත් ක්රීඩකයින් පිරිසක් ඊට පසුදින
සංචාරයට කැමැත්ත පළකිරීමයි.
පෙර ලිපිය
http://www.lankasportsnews.com/2017/10/blog-post_68.html
No comments