• Breaking News

    ජිම්නාස්ටික් අදෝ මුඛය

    ජාතික ජිම්නාස්ටික් සංගමය සිය ග්‍රහණයට ගැනීමට සභාපතිවරයා කටයුුතු කර අවසන්. මේ හේතුවෙන් මේ වන විට ජාතික ජිම්නාස්ටික් සංගමයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වෙනුවට ඇත්තේ ඒකාධිපතියකුගේ වියරුවක් පමණයි. පසුගියදා නිමාවූ ලෝක ශූරතා ජිම්නාස්ටික් තරගාවලියට මෙරටින් එක් ක්‍රීඩකයකු පමණක් සහභාගී කරවීමට සභාපති අරුණ ප්‍රසාද් කටයුතු කර තිබෙනවා. මෙම තරගාවලියට ජාතික මහා ක්‍රීඩා උළලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකානක් 08 දෙනෙකු තෝරාගෙන සිටියා. එහෙත් එම ක්‍රීඩකයින් කිසිවකු සහභාගී කරවීමට සභාපති කටයුතු කර නැහැ. ඒ වෙනුවට 2009 වසරේදී ඇමරිකා පුහුණුවකට ගොස් නැවත නොපැමිණි (ගල්වූ ) ක්‍රීඩකයකු එක් කරවීමටයි කටයුතු කර ඇත්තේ.

    එහිදී ඔහු ඉතා දක්ෂ ලෙස ක්‍රීඩාකර අන්තිමයාගෙන් පළවෙනියා වී තිබෙනවා. ඒ 123 වැනියා බවට පත්වයි. මෙලෙස ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකාව හෑල්ලුවට පත්කරවීම පිලිබද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව දැනුවත් කිරීමට පිරිසක් කටයුතු කර තිබෙනවා. එහෙත් මෙතෙක් මේ පිලිබද කළ කිසිවක් නෑ. අමාත්‍යංශය මෙලෙස නිදා සිටීමෙන් වන්නේ මෙරට ක්‍රීඩාව විනාශයට යෑමයි.




    No comments