බැඩ්මින්ටන් සංගමය ජාත්‍යන්තරයේ තහනම් වීමට හේතුව
ජාතික බැඩ්මින්ටන්
සංගමයට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය තහනමක්
පනවා තිබෙනවා. ඒ නිලවරණය නොපැවැත්වීම හේතුවෙනුයි. මෙරට බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පළමුව කල් දමනු ලැබුවේ ගිණුම් විගණනය නොකිරීම
හේතුවෙනුයි. ඔවුන් පසුගිය වසර 08 දීම ගිණුම් විගණනය කර තිබුනේ නැහැ. කෙසේ වෙතත් මේ
වන විට සංගමය පාලනය වන්නේ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් යටතේයි. කිසිදු විනිවිද භාවයක්
නැතුව ඔහු පරිපාලනය ගෙන යන්නේ අමාත්‍යවරයාගේ පූර්ණ ආශිර්වාදය ඇතුවයි.
විදේශිකයන් ශ්‍රී ලංකා ධජය යටතේ තරගාවලි නියෝජනය කර ඇත්තේ ද මෙම ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්ගේ පාලනය
යටතේයි. එවැන්නක් මෙතෙක් ඉතිහාසයේ කිසිදා වී තිබුනේ නැහැ. මෙවර අමාත්‍යවරයා කෙසේ
නම් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් බේරා ගනීද ? මෙම තහනමත් සමගින් මෙරට කිසිදු ක්රීඩකයකුට
හෝ ක්‍රීඩිකාවකට ජාත්‍යන්තර තරගයන්ට එක්වීමට හැකිවන්නේ නැහැ. පාඩුව වී ඇත්තේ ක්‍රීඩකයක
ක්‍රීඩිකාවන්ටයි.
No comments