පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට
ලසිත් මාලිංග ඇතුලත්ව නැත්තේ පසුගිය තරගවලදී දක්ෂතා අතරට පැමිණිමට නොහැකිවීම
හේතුවෙන් බව ක්‍රිකට් ආයතනය පවසනවා. අවසන් තරග 10 දී ඔහු දවාගෙන ඇත්තේ කඩුලු 10
ක් පමණයි. එමෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට තරගාවලිය අහිමි වී ඇත්තේ පවතින
ආබාධය හේතුවෙනුයි. ඔහුට එළබෙන ඉන්දීය සංචාරයද අහිමි වී යනු ඇතැයි සදහන්. මේ අතර
ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුලත්ව නැත්තේ විනය කඩ කිරීමේ සිදුවීමක් හේතුවෙන්
බවයි ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියේ. ඔහුට එක්දින තරග 06 ක තහනමක් පනවා
ඇතැයි එම ප්‍රකාශකයා කියා සිටියා.