ධනුෂ්කට යලිත් දොර ඇරේ ?
පාකිස්ථානය සමගින්
බැවැත්වීමට නියමිත අවසන් සහ පස්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවක
පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඇතුලත් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු
කියා සිටියා. ඔහු පසුගිය තරග සදහා එක් නොවූයේ නොමනා හැසිරීම හේතුවෙන් ජාත්‍යන්තර
තරග තහනමකට ලක්ව සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් ඔහුට පළමුව පැනවූ තරග 06 ක තහනම
පසුව තරග 03 ක් දක්වා ලිහිල් කෙරුණා. ඔහුගේ ක්‍රීඩා සමාජයෙන් සිදුකළ ඉල්ලීමක් සලකා
එය සිදුකළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එහෙත් සත්‍ය ලෙසම වූයේ ඔහු පාකිස්ථාන ලාහෝර් සංචාරයට එකගවීමයි. ඒ අනුවයි මෙලෙස දඩුවම ලිහිල් කෙරුනේ.
පාකිස්ථානය සමගින්
පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගයට ගුණතිලකව කැදවීමට පියවර නොගත හොත් එය පරාජයට
අත වැනීමක් බවයි විචාරක මතය.
No comments