Monday, October 9, 2017

ක්‍රිකට් කණ්ඩායමක් ඇමති හමුවේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අරාබි ප්‍රිමියර් ලීග් (APL) හාර්ඩ් ටෙනිස් බෝල් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) පෙරවරුවේදී ක්‍රීඩා අමාත්‍ය නීතීඥ්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවුණා.
හෙට (10 දා) සිට ලබන 14 වැනිදා දක්වා අජ්මාන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ ඉෂාන් රංගන මුණසිංහ වන අතර උපනායකත්වය හිමිව ඇත්තේ මොහොමඩ් රිෆාස්ටයි. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 20ක් ඇතුලත්.



No comments:

Post a Comment