මැරෙන්න හෝ ලාහෝර් යනවා - ක්‍රීඩා අැමති
පුහුණුකරුවෙක් නැතුව ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර
තිබෙනවා. දෙරට අතර පළමු පන්දුවාර 20 තරගය හෙට පැවැත්වෙන්නේ ඩුබායි හිදීයි. දෙරට අතර තුන්වන සහ
අවසන් තරගය පැවැත්වෙන්නේ ලාහෝරයේදීයි. ඊට එක්වීම මෙරට ප්‍රධාන පුහුණුකරු නික්
පෝතාස් මහතා ප්‍රතික්ෂේප කළා. ඒ අනුව එම තනතුර හෂාන් තිලකරත්න සහ රොමේෂ් රත්නායක
අතර දෝලනය වුණා. එහෙත් එය කිසිවකුට ලබාදීමට කටයුතු කළේ නැහැ. ඒ අනුව තරගාවලියේ
අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන පුහුණුකරුවකු
නොමැතිවයි.
ලාහෝර් යාම ප්‍රතික්ෂේප
කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිසිවකු පන්දුවාර 20 තරගාවලියට ඇතුලත්
නොකිරීමටයි තේරීම් කමිටුව කටයුතු කළේ. එය නික් පෝතාස් ප්‍රධාන පුහුණුකරුට කෙසේ
බලපායිද ? ලාහෝර් යාමට ක්‍රීඩා අමාත්‍යවරයා
සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා නම් එක්වන බව අද ප්‍රකාශ කෙරුණා. මැරෙන්න
හෝ යාමට තමන් පැමිණෙන බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පුවසුවේ.
No comments