රංගන හේරත්ගේ වාර්ථාව
පාකිස්ථානය සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්රී ලංකාව ලැබූ ජයග්රහණය පසුපස සිටියේ රංගන හේරත්. ඔහු පාකිස්ථාන පළමු ඉනිමේදී කඩුලු 05 ක් දවා ගත්තා. පාකිස්ථාන දෙවන ඉනිමේදී කඩුලු 06 ක් ඔහු ඩැහැ ගත්තා. මේ අනුව ටෙස්ට් කඩුලු 400 ක් දවා ගත් පළමු වමත් දග පන්දු යවන්නා බවටයි ඔහු පත්වුනේ. මෙම වාර්ථාවත් සමගින් බොහෝ දෙනෙකු මෙරටින් යලිත් සුපිරි දග පන්දු යවන්නකු බිහිව ඇති බව පවසනවා. කෙසේ වෙතත් ආබාධ තත්වයන් හේතුවෙන් ඉදිරියේදී රංගන ක්රිකට් පිටියෙන් සමුගනු ඇතැයි වාර්ථා වනවා. එය නුදුරේදීම සිදුවුවද මෙතෙක් නිෂ්චිත දිනයක් නැහැ.