• Breaking News

    එක්දින තරගාවලියෙන් නුවන් ප්‍රදීප් ඉවත්කරයි

    පාකිස්ථානය සමග හෙට ආරම්භවීමට නියමිත එක්දින තරගාවලියෙන් නුවන් ප්‍රදීප් ඉවත්කර තිබෙනවා. ඒ ආබාදයකට ලක්වීම හේතුවෙනුයි. ටෙස්ට් තරගාවලියේදී සාර් ථක වූ නවක වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ආදේශ කරන ක්‍රීඩකයා වනු ඇති. ඔහු ටෙස්ට් වරම් දිනා ගත් දෙවන ටෙස්ට් තරගයේදී අනගි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 03 ක් ඉනිම දෙකේදී දවා ගත්තා. කලකට පසු ටෙරටින් සාර් ථක වේග පන්දු යවන්නකු බිහිවී ඇති බවයි එහිදී විචාරකයින් පැවසුවේ. කෙසේ වෙතත් දෙරට අතර එක්දින තරගාවලියට ලහිරු ගමගේව මෙතෙක් නම් කර නැහැ.

    No comments