Wednesday, October 11, 2017

ජනාධිපති මෛත්‍රී පන්දම අතට ගනී

21 වැනි පොදු රාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 වර්ෂයේ අප්‍රේල් මස 04 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හීදී පැවැත්වීමට නියමිතයි. එම ක්‍රීඩා උළෙලට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධාන කමිටුව මගින් සම්ප්‍රදායක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් අතර ක්‍රීඩා උළෙල පිළිබදව ප්‍රජාවගේ අවධානය යොමු කිරීම සදහා බ්‍රිතාන්‍ය මහ රැජින නමින් නම් කරන ලද බැටනයක් රැගෙන යනු ලබනවා.
අදාළ බැටනය රැගත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට හෙට 12 වැනිදා දින පැමිණීමට නියමිත අතර එදින ප.ව. 4.45ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී  ගරු ක්‍රීඩා අමාත්‍ය නීතීඥ්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදානත්වයෙන් ගිණි සිළුව හා නිල දූත පිරිස පිළිගැනීමට සූදානම් කර අවසන්. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ ජනාධිපත් මන්දිරයේදීයි. ඉතිහාසයේ පළමුවරටයි ගිණිසිලුව මෙරට ජනාධිපතිවරයකු අතට පත්වන්නේ.



No comments:

Post a Comment