තිසර පෙරේරා නායකත්වයට
ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත්කරනු ඇතැයි
වාර්ථා වනවා. ඒ නිත්‍ය නායක උපුල් තරංග පාකිස්ථානයේ සංචාරය කිරීමට එකග නොවීම
හේතුවෙනුයි. පාකිස්ථානය පසුගියදා ලෝක ක්‍රිකට් කණ්ඩායම සමගින් තරගාවලියක් පවත්වා
ලාහෝර් නගරයේ ආරක්ෂාව තහවුරු කළා. ලෝක ක්‍රිකට් කණ්ඩායමට තිසරත් එක්ව සිටියා.
මේ අතර සංචාරයට දැනට එකගවී ඇති ක්‍රීඩකයින් අනුව ශ්‍රී
ලංකා කණ්ඩායම මෙසේ වනු ඇති. නායකත්වය තිසර පෙරේරා කටයුතු කරද්දී සෙසු ක්‍රීඩකයින්
ලෙස දිල්ෂාන් මුණවීර / ධනුෂ්ක ගුණතිලක / දසුන් ශානක / ඉසුරු උදාන / ලහිරු ගමගේ /
ෂෙහාන් ජයසූරිය / මිලින්ද සිරිවර් ධන / සචිත් සේනානායක / ලක්ෂන් සදකැන් / සීකුගේ
ප්‍රසන්න / අශාන් ප්‍රියංජන / සදීර සමරවික්‍රම සහ නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු
ඇති.
No comments