Sunday, October 8, 2017

අමීර් ආබාධයකට ලක්වෙලා

වේග පන්දු යවන්න මොහොමඩ් අමීර් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. දෙරට අතර එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිවා ආහාරය පෙර අමිර් පන්දු යැව්වා. එහිදී දකුණු කකුලේ වේදනාවක් පිළිබඳ පැමිණිලි කිරීමටයි ඔහු කටයුතු කර ඇත්තේ. අනතුරුව (MRI) ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඇතැයි සදහන්. එහි ප්‍රතිඵලය මත වෛද්‍යවරුන් ඔහු සති දෙකක් හෝ තුනක් විවේක ගැනීමට උපදෙස් ලබා දී තිබෙනවා. 
ඔහුගේ නම ඔක්තෝබර් 13 වැනිදා සිට ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට නම් කළ කණ්ඩායමට ඇතුලත්ව තිබුණා. කෙසේ වෙතත් ආබාධය හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත්වන අමීර් වෙනුවට ආදේශ කර ක්‍රීඩකයා මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී අමීර්ට පිතිකරණයේ යෙදීමේ කිසිදු ගැටළුවක් නැතැයිද වෛද්‍යවරුන් පවසා ඇතැයි සදහන්.

No comments:

Post a Comment