Wednesday, October 4, 2017

ක්‍රීඩා අමාත්‍යංශට නව ලේකම්වරයෙක්

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් බී එම් ආර් බී දිසානායක මහතා වෙනුවට නව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයකු පත්කර තිබෙනවා. නව ලේකම් ලෙස ජයන්ත විජේරත්න මහතා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද උදෑසන වැඩ භාර ගත්තා. පරිපාලනයේ හසල අත්දැකීම් ඇති ඔහුට ක්‍රීඩා අමාත්‍යංශය නිවරදිව මෙහෙයවීමේ විශාල වගකීමක් තිබෙනවා. ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සමග විශේෂ හමුවක්ද වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යංශයේදීම පැවැත්වුණා. ඊට දූෂණ චෝදනා එල්ලවී ඇති ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියා.