Sunday, October 8, 2017

පාකිස්ථානය හතරගාතේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමට පාකිස්ථානය සියළුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 262 ක් පමණයි. ඩිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් කඩුලු 03 බැගින් ඩැහැගත්තා. සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්ථාන පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට ඉඩ ලබාදුන්නේ නැහැ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 482 ක් ලබා ගැනීමට සමත්වුණා. මේ අනුව ලකුණු 220 ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාව මේ වන විට දෙවන ඉනිමට ලකුණු රැස්කිරීම ආරම්භකර තිබෙනවා. රෝස පැහැති පන්දුවෙන් ශ්‍රී ලංකාව දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වන විට එය පාවාදීමක් විය හැකි බවයි සම හරක් පැවසුවේ. පාකිස්ථානය සමග ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරයට ඉන්දියාව මුදල් ලබාදී මෙරට ක්‍රීඩකයින් මෙලෙස දක්ෂතා දක්වන බව ඔවුන් නොකීම පුදුමයි.

2 comments:

  1. //ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වන විට එය පාවාදීමක් විය හැකි බවයි සම හරක් පැවසුවේ. පාකිස්ථානය සමග ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරයට ඉන්දියාව මුදල් ලබාදී මෙරට ක්‍රීඩකයින් මෙලෙස දක්ෂතා දක්වන බව ඔවුන් නොකීම පුදුමයි//මොකක්ද මේ කියල තියන ගොන් කතාව.කලින් සීරීස් එකක්ම කැත විදිහට පැරදිලා දැන් මාර හොඳට සෙල්ලම් කරද්දි කලින් මොකක් හරි කේස් එකක් තිබ්බා කියල තහවුරු වෙනවා.

    ReplyDelete
  2. ක්‍රීඩකයාOctober 9, 2017 at 1:27 PM

    මෙන්න උන් පි‍ටේ අපේ උන් වැ‍ටෙනවා

    ReplyDelete