• Breaking News

    ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පාවාදීමට ආරාධනා කරලා

    ශ්‍රී ලංකාව සමග පැවැත්වෙමින් ඇති එක්දින තරගාවලියේදී තරග පාවාදීමේ යෝජනාවක් ක්‍රීඩකයින්ට ඉදිරිපත්වී ඇති බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පවසනවා. පාකිස්ථාන ක්‍රිකට් ආයතන සභාපති නජාම් සේති පවසන්නේ මේ පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද දැනුවත් කර ඇති බවයි. මෙවැනි පාවාදීමේ යෝජනාවක් එල්ල වූ විට ක්‍රීඩකයින් කළ යුත්තේ වහාම ඒ පිලිබද ක්‍රිකට් ආයතනයට දැනුම් දිමයි. ක්‍රීඩකයින් එම කරුණ සිදුකර ඇති බවයි  පාකිස්ථාන ක්‍රිකට් ආයතන සභාපති නජාම් සේති පවසන්නේ. එරට මාධ්‍ය පවසන්නේ සෆ්රාස් අහමඩ්ට මෙම යෝජනාව එල්ල වී ඇති බවයි. ඔහු ලිඛිතවම මේ පිලිබද එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි සදහන්.
    තරගයක් පාවාදීම සම්පූර්ණ තරගයක් පාවාදීමක් පමණක් නොවේ. තරග අවස්ථා පාවාදීමද මේ යටතට ඇතුලත්.
    උදා - 05 පන්දුවාරයේ 03 වන පන්දුව නිපන්දුවක් වීම.  
    පන්දුවට පහරදෙන විට 03 පන්දුවේදී උඩ පන්දුවක් ලබාදීම

    පන්දුවට පහරදෙන 05 වන පන්දුවෙන් දැවී යාම

    No comments