පාකිස්ථාන සංචාරය යලි සිතා බලන්නැයි ක්‍රීඩකයින් ඇමතිගෙන් ඉල්ලයි
පාකිස්ථානයේ
යන්න බෑ කියමින් ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙකු ලිපියක් අන්සන් කර තිබෙනවා. ඒ එය ඉදිරි
දින කිහිපයේදී ක්‍රීඩා අමාත්‍යවරයාවෙත භාරදීමටත් නියමිතයි. 2009 වසරේ ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයේදී ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වුණා. කිසිදු ක්‍රීඩකයකුට
ඉන් හානියක් සිදු නොවූවද ක්‍රීඩකයින් දැඩි කැලබීමට ලක්වුණ බව අමුතුවෙන් කිව යුතු
නැහැ. එතැන් සිට මෙතෙක් කිසිදු කණ්ඩායමක් පාකිස්ථානයේ සංචාරය කර කර නැහැ.
මෙම
නියගය නිමා වීමට නියමිතව තිබුනේ ශ්‍රී ලංකාවම යලිත් පාකිස්ථානයේ සංචාරය කිරීමත් සමගයි. එය
ලබන 29 වැනිදා පන්දුවාර 20 යි 20 තරගයක් සදහායි. ලාහෝරයේ ආරක්ෂාව පාකිස්ථානය තහවුරු
කර තිබෙනවා. පසුගියදා ලෝක ක්‍රිකට් කණ්ඩායම සමගින් තරගයක් පවත්වමින් එය ඔවුන් සනාථ
කළා. එම ලෝක කණ්ඩායමට මෙරට තිසර පෙරේරාත් ඇතුලත්ව සිටියා. ඔහු සිටියදී මෙරට ක්‍රීඩකයින්
පාකිස්ථානයේ සංචාරය කිරීම යලි සිතා බලන
ලෙස ඉල්ලීම පුදුමයට කරුණක් බවයි විචාරක මතය.
No comments