ක්රීඩා අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ආරාධනයක් කරනවා. එම නිවේදනය පහතින්..
ඛනිජ තෙල් සම්පත්
සංවර්ධන අමාත්‍යවරයා ක‍්‍රීඩා අමාත්‍ය වරයාගේ අවධානයට යොමුකර ඇත්තේ පානදුර සහ
කළුතර ක‍්‍රිකට් සමාජයන්හි ක‍්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට එරෙහිව ගෙන ඇති නීතිමය
ක‍්‍රියා මාර්ග මෙකී ක‍්‍රීඩකයින්ට නොව
එම ක‍්‍රීඩා සමාජයන්හි නිලධාරීන්ට ද අදාළ විය යුතු බවයි.
ශ‍්‍රී ලංකාව තුළ
ස්ථාපිත ක‍්‍රිකට් මෙන්ම අනෙකුත් ක‍්‍රීඩා 61 සම්බන්ධයෙන්ම ක‍්‍රීඩා අමාත්‍යතුමන් තම තනි අභිමතය පරිද ක‍්‍රියා නොකරන
බව මාධ්‍යවේදී ඔබ සැම දන්නා කරුණකි. එමෙන්ම ක‍්‍රීඩා සමාජවල මෙන්ම ක‍්‍රීඩා
සම්මේලන සම්බන්ධ ඕනෑම අනීතික, අසාධාරණ
සහ අයුක්ති සහගත ක‍්‍රියාවකදී අමාත්‍යතුමන් නීතිය සාධාරණය හා යුක්තිය ආරක්ෂා කිරීම
උදෙසා මැදිහත්වන අතර එය සැමවිටම විධිමත් අයුරන් සිදුකළ බවට පසුගිය දෙවසරකට ආසන්න
කාලය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කරගත හැකිය. ස්වභාවික යුක්ති මූලධර්ම අනුව
අපක්ෂපාතීව සෑම පාර්ශ්වයකටම සවන්දී තීරණ වෙත ප‍්‍රවේශවීමට අමාත්‍යතුමන් නිරතුරුවම කටයුතු කරයි.
මේ වනවිට තරග තහනමට ලක්ව
සිටින චාමර සිල්වා ඇතුළු ක‍්‍රීඩකයින්හට පනවා ඇති තරග තහනම ඉවත්කරන ලෙසට චාමර
සිල්වා ක‍්‍රීඩකයා විසින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මගින් ලිපියක්
එවමින් ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කරනු ලැබිණි. මේ අතර
අර්ජුන රණතුංග මහතා විසින් ද ක‍්‍රීඩා අමාත්‍යතුමන් වෙත ලිපියක් එවමින් පවසා
සිටියේ පානදුර කළුතර ක‍්‍රිකට් සමාජයන්හි නිලධාරීන්ට එරෙහිවත් නීතිය ක‍්‍රියාත්මක
කරන ලෙසයි.
මෙම තත්ත්වය සැලකිල්ලට
ගනිමින් ගරු ක‍්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් 2017.10.04 දින
ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාගෙන් යුත් ඒක පුද්ගල විමර්ශණ කමිටුවක් පත්කර
ඇති අතර එළඹෙන ඔක්තෝබර් 14 වැනිදා පෙ. ව. 9. 30 ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේ මෙම කමිටුව රැස්වීමට නියමිතය.
එහිදි චාමර සිල්වා ඇතුළු පාර්ශ්වයට මෙන්ම අර්ජුන රණතුංග මහතාට ද කරුණු දැක්වීමට
අවස්ථාව ඇත. මේ සදහා සහභාගීවන මෙන් ඉල්ලා 2017.
10. 04 දින ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින් ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද කර ඇත.
ඒ අනුව 2017.
10. 14 දින රැස්වන ජනාධිපති නීතිඥ්‍ය පාලිත කුමාරසිංහ මහතාගෙන් යුත් ඒක පුද්ගල
කමිටුව ඉදිරියේ තම ලිපියේ සදහන් චෝදනා පිළිබද කරුණු දැක්වීමේ හැකියාව ඛනිජ
තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඇති අතර එම දිනයේ නොහැකි නම්
වෙනත් දිනයක හෝ පැමිණ කරුණු දැක්වීමට අවස්ථාව ඇත. ඉනික්බිති දෙපාර්ශවය ඉදිරිපත්
කරන කරුණු සැලකිල්ලට ගනිමින් සැකසෙන වාර්තාව දෙසතියක් තුළ ක‍්‍රීඩා අමාත්‍යතුමන්
වෙත භාරදීමට නියමිතය.
එම වාර්තාව පදනම්
කරගනිමින් ක‍්‍රීඩාවේ විනයත්, ක‍්‍රිකට්
ක‍්‍රීඩාවේ දැඩිව අවධාරණය කරනු ලබන මහත්මා ගුණයත් ආරක්ෂා වන පරිදි සාධාරණ විසදුමක්
ලබාදීමට ගරු ක‍්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමන් ඉදිරියේදි කටයුතු
කරනු ඇත.
No comments:
Post a Comment