• Breaking News

    පරාජයේ වගකීම තේරීම් කමිටුවේ

    පාකිස්ථානය සමගින් පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගයට ගුණතිලකව කැදවීමට පියවර නොගත හොත් එය පරාජයට අත වැනීමක් බවයි විචාරක මතය. මෙම පුවත අප ඊයේ වාර්ථා කළා ඔබට මතක ඇති. තේරීම් කමිටුව ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට එක් කිරීමට කටයුතු කළේ නැහැ. එහෙත් කණ්ඩායමේ වෙනස්කම් 03 ක් සිදු කිරීමටයි පියවර ගෙන තිබුනේ.

    අකිල ධනංජය / සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ වෙනුවට කණ්ඩායමට කැදවා තිබුනේ ජෙෆ්රි වැන්ඩසි / දුෂ්මන්ත චමීර සහ විශ්ව ෆනෑන්ඩුවයි. තේරීම් කමිටුව නිවරදි තේරීමක් සිදු නොකිරීම මෙම කණගාටුදායක පරාජයන්ට හේතුව බවයි විචාරක මතය. පසුගිය තරග 04 දීම මෙරට පිතිකරුවන්නේ අසාර්ථකවීම හමුවේ පන්දු යවන්නන් පමණක් මාරුකිරීමට කටයුතු කිරීමේ හේතුව කුමක්ද ? බින්දුමාල් යලි යලිත් එක්දින තරග අසාර්ථතවීම හමුවේ ඔහුට කණ්ඩායමේ ස්ථානය හිමිවීම පුදුම කරුණක් බවයි විචාරක මතය. ක්‍රීඩා ලෝලීන් පවසන්නේ ඔක්කොම කණපිට බවයි.
    පෙර ලිපිය 

    ධනුෂ්කට යලිත් දොර ඇරේ ?


    No comments