• Breaking News

    ක්‍රීඩා අැමති කියන මැවුම්කරුවන්

    ක්‍රීඩා අමාත්‍යංශ නිවේදනයේ මෙසේ දැක්වෙයි.
    ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද සෑමකල්හිම නොපවතින බව පසක් කරමින් අබුඩාබිහිදි පකිස්ථාන පිල පරදා විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලාංකික කණ්ඩායමට පළමුව මාගේ හෘදයාංගම සුබපැතුම් එක්කර සිටිමි.
    පරාජයන්ගේ අමිහිරි මතකයන් මැවු අඳුරු වලාවන් මෑත්වී ජයග්‍රහණයක රීදි රේඛාවන් නැවතත් අප ක්‍රිකට් කණ්ඩායම වෙත පැමිණ ඇත. සැබෑ දක්ෂතාවය යනු නොවැටී සිටීම නොව වැටෙන වැටෙන වාරයක් පාසා නැවත නැගීසිටීමයි යන ලොප්‍රකට කොන්ෆියුසියානු කියමන යළි යළිත් සැබෑ කරමින් අපට නැවත නැවතත් නැගිට සිටිය හැකි බව, ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකය හමුවේ අවධාරණය කර ඇත. ඉතිහාසය පුරා අප ජයග්‍රහණයන් ගෙන් සේම පරාජයන් ගෙන්ද  ශක්තිමත්වීමු. එය අඩිතාලම කරගනිමින් ජයග්‍රහණය කරා පියනැගුවෙමු.
    දෙවැනි ඉනිමේදී පකිස්ථාන පිල ඉදිරියේ වූයේ පහසු ඉලක්කයකි. එය අපහසු ඉලක්කයක් වී අවම ලකුණු පරතරයිකින් ජයග්‍රහණය අප සතුවූයේ ඔබ සැම තුළ තිබූ අප්‍රතිහත ධෛර්ය හා කණ්ඩායම් හැඟීම නිසාවෙනි. ඒ කණ්ඩායම් හැඟීමට උරදුන් ටෙස්ට් කඩුළු 400 සම්පූර්ණ කළ රංගන හේරත් මෙන්ම අන් සෑම ක්‍රීඩකයෙක්ම, ශ්‍රී ලාංකික අපි සැම අත්විඳිනා මේ ජයග්‍රාහි සතුටෙහි මැවුම්කරුවන් වන්නේය.
    දිගු කලකට පසු මෙය අප ලැබූ එක් ජයක් මිස අවසන් ජය නොවන බව මාගේ ඒකායන විශ්වාසයයි. ආදරණීය ක්‍රීඩකයිනි, අප මුහුණ දුන් දුෂ්කර පරිච්චේදයෙහි මේ නිමාව සටහන් වන කාලයයි. ලද ජයග්‍රහණය සමග තවදුරටත් ජයග්‍රහණයේ පෙරට යාමට ඔබ සැමට ශක්තිය ධෛර්යය සහ වාසනාව හිමිවේවා කියා මම හද පිරි සුබ පැතුම් එක්කරමින් ප්‍රාර්ථනා කර  සිටිමි.