බිරිදට මිතුරන්ට ටුවර් - NOC මගඩි එලියට
ජාතික ඔලිම්පික් කමිටුවේ හදිසි මහ මභා රැස්වීමේ න්‍යාය
පත්‍රයට විරුද්ධව නොසිතූ ලෙස ජාතික සංගම් බහුතරයක් එක්ව තිබෙනවා. ඊට අදාලව ඔවුන්
ලිපියක් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට යොමුකර ඇතැයි සදහන්. එම ලිපියට ජාතික
සංගම් 11 ක නිලධාරීන් අත්සන් කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.
එම ලිපියේ සදහන් ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. 2013
වසරේ සිට මේ දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් විගණනය කර නැහැ. විගණකාධිපති විගණනය
නොකළ ගිණුම් හෝ සංගම් වලට ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.
2013 වසරේ සිට මේ දක්වා වාර්ශික මහ සභා රැස්වීමක් /
විධායක කමිටු රැස්වීමක් හෝ නිලධාරී මණ්ඩල රැස්වීමක් පවත්වා නැහැ. එවන් තත්වයක පසුගිය
වසරවල්වල ක්‍රීඩා තරගාවලි සහ ජාත්‍යන්තර රැස්වීම් සදහා නිලධාරීන් නම් කර ඇත්තේ
කිසිදු විනිවිධභාවයකින් තොරවයි. ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද
සිල්වා මහතාගේ බිරිද සහ මිතුරන්ව හිතුමතේ එම කටයුතු සදහා රැගෙන ගොස් තිබෙනවා. ඊට
වැය කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල්. අවස්ථා ගණනාවකදී ඔහු මෙලෙස බිරිදව
විදෙස් සංචාර සදහා එක්කරගෙන තිබෙනවා. එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්
මැක්ස්වෙල් ද සිල්වා මහතා එලෙස පසුගිය සංචාර සදහා එක්කරගෙන ඇති බහුතර පුද්ගලයින්
ජාතික සංගම්වල නියෝජිතයින් සහ ජාතික ඔලිම්පික් කමිටුවට සෘජුව සම්බන්ධයක් නැති
පුද්ගයන් වීම විශේෂත්වයක්.
එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද
සිල්වා මහතා ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව වෙනස් කරන බවත් පවසනවා. නව ව්‍යවස්ථාවේ
කෙටුම්පත සැලකිය යුතු කාලයකට පෙර සාමාජිකත්වයට යොමු කිරීමයි සාමාන්‍ය පිලිවෙත. එහෙත් මෙතෙක්
එවැන්නක් සිදුව නැහැ. මහසභා රැස්වීම සහ ව්‍යවස්ථා වෙනස් කිරීමේ රැස්වීම පිලිබද මෙතෙක් ජාතික සංගම් බහුතරයකට නිල දැනුම්දීමක් කර නැහැ.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට යොමු කළ ලිපියේ සංගම් බහුතරය සැකසෙන්නේ මෙලෙසයි. ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධ සංගම් 26 ක් තිබෙනවා. ඒ අතර ඇති සංගම් 02 කට මෙතෙක් නිල අනුමැතිය ලබා දී නැහැ. තවත් සංගම් 06 ක ප්‍රශ්න තිබෙනවා. ඉන් 03 ක අධිකරණයේ විභාග වන නඩු තිබෙනවා. ඒ අනුව මේ වන විට සංගම් 08 ක් අක්‍රීයවයි පවතින්නේ. එනම් සාමාජිකත්වය සක්‍රීය සංගම් පවතින්නේ 18 ක් පමණයි. ඉන් සංගම් 11 ක් මෙම ලිපියට අත්සන් කර තිබීම ක්‍රීඩා ක්ෂේත්රයේ දැඩි කථාබහට ලක්ව තිබෙනවා.

මෙම ලිපිය ආසියානු ඔලිම්පික් කමිටුට සහ ජාත්‍යන්තර ඔලිම්පික්
කමිටුට යොමුකිරීමටත් කටයුතු කර ඇතැයි සදහන්. බොහෝ දෙනෙකු පවසන්නේ ජාතික ඔලිම්පික් කමිටු ලේකම්
මැක්ස්වෙල් ද සිල්වාගේ ක්රියාපිලිවෙත හේතුවෙන් එහි සභාපති හේමසිරි ප්‍රනාන්දු
මහතාත් අපකීත්තියට පත්වන බවයි. කීර්තිමත් ගෞරවනීය අත්දැකීම් බහුල හේමසිරි ප්‍රනාන්දු
මහතා අවසන් මෙහොතේ හෝ අවශ්‍ය පියවර නොගත හොත් ඔහුද අපකීර්තියට පත්වීම කිසිවකුට වැලැක්විය
නොහැකි වනු ඇති.